Share on Facebook Share on Twitter Email Gerald Gerald on Google Plus

Wednesday, November 6, 2013

සිංහල ටයිප් කරන්න පහසුම විදිය

කී මෑන්

බොහෝ දෙනෙකුට තියෙන ගැටලුව තමයි සිංහල ටයිප් කරන වේගය අඩුකම ඒකට ප්‍රධානම හේතුව තමයි  සිංහල හල්  අකුරු සඳහා කේත අංකයන් භාවිතා කළයුතු වීම උදාරණයක් විදියට "ම්" ටයිප් කරන්න මේ විදියට ගහන්න ඕන  ALT + 0239 ඉතින් මේ ක්‍රමය ඉතාම අමාරුයි කේත අංකය අමතක වුණාම ඒ අකුර ටයිප් කරන්න ටිකක් තටමන්න වෙනව ඉතින් මේකට විසඳුමක් තියෙනව එකක් තමයි යුනිකෝඩ් භාවිතා කරන එක ඒත් යුනිකෝඩ් අකුරු විලාසය හැම එකකටම භාවිතා කරන්න අමාරුයි මොකද බැනරයක් නිර්මාණය කරද්දි එහෙමත් නැත්නම් වෙනත් ලියවිල්ලක් නිර්මාණය කරද්දි එකම ෆොන්ට් ස්ටයිල් එකක් භාවිතා කරන්න බෑ අන්න ඒ වගේ වෙලාවට භාවිතා කරන්න කදිම වැඩසටහනක් තියෙනව මේක ඉතාම ප්‍රසිද්ධ වැඩසටහනක් ඒත් හොයාගන්න ටිකක් අමාරුයි ඔන්න ඔබේ පහසුව සඳහා හෑමෝටම ගන්න පුළුවන් තැනක ඒ වැඩසටහන දාන්න මට හිතුණා ඒ වැඩසටහන තමයි කී මෑන් (Key Man) 


කරන්න තියෙන්නෙ මුලින්ම මේ KEY MAN වැඩසටහන  පරිගණකයේ ස්ථාපනය කරන එක පස්සේ sinhala.kmx ෆයිල් එක ඩබල් ක්ලික් කරල ඒකත් ස්ථාපනය කරගන්න එතකොට මෙන්න මේ විදියට  Key Man Icon  එක කාර්යය තීරුවේ දර්ශණය වේවි..


ඒ මත ක්ලික් එකක් දීල පහතින් දක්වා ඇති විදියට නිදහස සිංහල කියන එක මත ක්ලික් කරල ඕනම සිංහල අකුරු වර්ගයක් තෝරල ටයිප් කරන්න පටන් ගන්න දැන් ඉතින් යුනිකෝඩ් ටයිප් කරනව වගේ පහසුවෙන් ටයිප් කරන්න පුළුවන් කේත අංක ඕනම නෑ...හැබැයි සමහර ෆොන්ට් වර්ග නම් හරියට මේ වැඩසටහනත් එක්ක ක්‍රියා කරන්නෙ නෑ ඒත් 75% ම වැඩ...


මෙන්න මෙතනින් බාගන්න-


කී රෙප්

 සිංහල ටයිප් කරන්න පහසුම විදියක් ගැන මම කලින් ලිව්ව ඒ කී මෑන් කියන වැඩසටහන ගැන ඒ වගේම හොඳ තවත් වැඩසටහනක් තියනව ඒ තමයි කී රෙප් (Key Rep) කියන වැඩසටහන කී මෑන් කී රෙප් කියන දෙකෙන්ම වෙන්නෙ එකම වැඩේ මේවගේ වැඩසටහන් කිහිපයක් ගැනම දැනගෙන හිටිය කියල පාඩුවක් වෙන්නෙ නෑ නේ ඒ නිසා හැමෝටම දැනගන්නත් එක්ක ඒ වැඩසටහනක් හැමෝටම ගන්න පුළුවන් තැනක දාන්න හිතුනෙ හදිස්සියකට ගන්න එක එක්කෙනාගෙන් ඉල්ලන යන්න ඕන නෑ නේ ....



 

No comments :

Post a Comment