Share on Facebook Share on Twitter Email Gerald Gerald on Google Plus

Tuesday, November 26, 2013

කිසි කරදරයක් නැතුව Youtube සහ වෙනත් වෙබ් අඩවි වලින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරමු පටස් ගාල.....

කොහොමද යාලුවනේ.... ඔන්න ඉතින් කාලෙකට පස්සේ මම ආව... ඔයාලට තවත් අලුත් දෙයක් අරගෙන...
සමහර අය මේක දන්නවත් ඇති. නමුත් නොදන්නා අයත් ඉන්න නිසා මම මේ කියන්න හදන්නේ...


ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි යුටියුබ් ඒකෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියල... කොච්චර ක්‍රම තිබුනත් තවමත් මේක නොදන්නා අය ගොඩක් මට අහුවෙලා තියෙනවා...

අනිත් එක තමයි දැන් IDM එකෙත් පොඩි අවුලක් තියෙනවා ඉස්සර වගේ යුටියුබ් වීඩියෝ එකක් බලනකොට අර යටින් එන Download this Video කියන නිල් පාට බොත්තම දැන් එන්නේ නැහැ.මේකත් හදාගන්න පුළුවන්.



ඉතින් මම මේ අද තව ක්‍රමයක් කියන්න හදන්නේ කොහොමද යුටියුබ් සහ වෙනත් අඩවි වලින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියල.

ක්‍රමයක් කිව්වට එකක් නෙමේ ක්‍රම 2ක්. එකක් හරිගියේ නැති උනොත් ටක් ගාල අනික පාවිච්චි කරන්න පුළුවන්.දෙකම ටිකක් එක වගේ.
මේක  ගොඩක්ම හරියන්නේ යුටියුබ් එකට තමයි...

ඉතින් ඔන්න එහෙනම් අද කතන්දරේ පටන් ගන්නයි හදන්නේ.....

මුලින්ම  යන්න ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ඕන යුටියුබ් වීඩියෝ එකට මේ වගේ.


හරි.... දැන් ඔය url එකේ එහෙමත් නැත්නම් වීඩියෝ එකේ ඇඩ්රස් එකේ ඉස්සරහ youtube කියන තැනට ඉස්සරහින් ss කියල ටයිප් කරන්න....

මේ  වගේ.


දැන්  කීබෝඩ් එකේ Enter කී එක ඔබන්න.ඊළඟට ඔයාල යයි මෙහෙම වෙබ් පිටුවකට.

 දැන් ඉතින් ඔය Download links කියන තැනට යටින් තියෙන කැමති වීඩියෝ ෆයිල් ෆෝමැට් එක උඩ ක්ලික් කරහම ලස්සනට ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගනී මේ වගේ.


දැන් ඉතින් මෙතනින් එහාට කරන්න ඕන දේ කියන්න ඕන නැහැනේ.

එහෙනම් ඔන්න එක ක්‍රමයක් කිව්වා.... වැරදිලාවත් ඔයාල ඔය ක්‍රමේට ඔයි වැඩේ කරහම මේ වගේ මැසේජ් එකක් අවොත් මොකද කරන්නේ ?


මාර වැඩේ නේ... මේ ක්‍රමේ හරි යන්නේ නැහැනේ.... ඒ නිසා මෙහෙම කරන්න. ඔය මැසේජ් එකේ තියෙන 
SaveFrom.net Helper කියන ලින්ක් එක උඩ ක්ලික් කරන්න.

ඒ කිව්වේ මේ මෙතන ... :D....


දැන් ඔයාල යයි මෙහෙම පිටුවකට... මේ ක්‍රමේ පට්ට ලේසි... එක සැරයයි වැඩේ කරගන්න තියෙන්නේ...


ඔය select browser කියන තැන ක්ලික් කරන්න... එතකොට මෙහෙම පහලට ස්ක්‍රෝල් වෙයි....

මෙන්න මෙතනින් තමන්ට අදාළ Extension එක තෝරාගන්න.



තෝරාගෙන ඉන්ස්ටෝල් කරගන්න. Extension ඉන්ස්ටෝල් වෙනහැටි බ්‍රවුසර් එකක් බ්‍රවුසර් එකෙට වෙනස් වෙනවා. Firefox වලනම් Allow කරන්නද කියල මැසේජ් එකක් එනවා එකට Allow දෙන්න ඕන...ඊළඟට බ්‍රවුසර් එක restart කරන්න අහනවා. එකටත් ඔකේ දෙන්න ඕන.

google chrome නම් නිකන්ම ඉන්ස්ටෝල් වෙනවා. අනිත් ඒවත් කොහොමද කියල ඔයාලම පාවිච්චි කරලා බලන්න./..

ඊළඟට කොහොමහරි Extension එක ඉන්ස්ටෝල් කරගත්ත කියමුකෝ.... දැන් යන්න අයෙමත් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ඕන ඕනෑම යුටියුබ් වීඩියෝ එකකට.මේ වගේ....



දැන්  ඔයාලට පෙනෙයි... මෙතන ඩවුන්ලෝඩ් කියල එකක් ඇවිල්ල තියෙනවා දැන් එක උඩ ක්ලික් කරලා බලන්න.මෙන්න මෙහෙම එකක් එයි.

මේ තියෙන්නේ ඔයාලට ඩවුන් ලෝඩ් කරගන්න පුළුවන් ෆයිල් ෆෝමැට් ටික සහ වීඩියෝ කොලිටි එක. සාමාන්‍යයෙන් මෙතනින් 460p flv වගේ ෆෝමැට් එකක් තෝරාගන්න.එතකොට සාමාන්‍ය කොලිටි අඩුවක් නැතුව ගොඩක් ලොකුත් නැති ෆයිල් සයිස් එකක වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..

දැන්  ඔයි ඔතන තියෙන  More>> කියන බොත්තම උඩ ක්ලික් කරලා බලන්න.මෙහෙම තව ෆෝමැට් ගොඩක් එයි.


එහෙනම් දැන් තම තමන්ට කැමති එකක් බාගන්න එකයි තියෙන්නේ..

මේ ක්‍රමේට මෙන්න මේ වෙබ් අඩවි වලින් තමයි වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.


නමුත් Youtube එක තියෙන නිසා අවුලක් නැහැ...

මම මේක ටෙස්ට් කරලා බැලුවේ Firefox එක්ක විතරයි.ඔයාලත් අනිත් බ්‍රවුසර් එක්ක පාවිච්චි කරලා බලන්න.

1 comment :