Share on Facebook Share on Twitter Email Gerald Gerald on Google Plus

Wednesday, November 20, 2013

ලංකාවේ තියෙන හොදම Dictionary ටික...

English යනු ලෝකයේ ප්‍රරබලම භාවිතා වන භාෂාවක්නෙ.. අපි සිංහල අය අපිට ඉන්ග්ලිෂ් පිලිබදව සම්පුර්ණ දැනුමක් නැනේ.. ඉතින් නොදන්නා වචන ඉගෙන ගන්න අපි Dictionary භාවිතා කරනවා.. ඉතින් අද ඔයාලට දෙනවා ලංකාවේ තියෙන හොදම Dictionary ටික... වැඩි කතා ඕනේ නැ මෙන්න එහෙන්ම.... ..ඉමේජ් එක ක්ලික් කිරීමෙන් ඔබට Download කර ගත හැක..

Tri Lingual Dictionary 

Tri Lingual Dictionary යනු සිංහල දෙමල ඉංග්‍රීසි භාෂාවන් පරිවර්තනය කල හැකි වෙබ් අඩවියක් හා මුදුකාංගයකි... සාමාන්යෙන් අපි වැඩි පුරාම භාවිතා කලේ මධුර පරිවර්තන මුදුකන්ගයයි.. ශ්‍රී ලංකා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් මෙය සකස් කර ඇත.. ඉතාමත් පහසුවෙන් හැසිරවීමත්, භාවිතා කිරීමට හැකි මෙය Software 1 ලෙසත් Online පරිවතන වෙබ් අඩවියක් ලෙසත් මෙය යොදා ගත හැකිය...
මෙය භාවිතා කිරීමට තිබිය යුතු මුලික සුදුසුකම්  හා විස්තර වනුයේ 

Requirements:

Windows XP / Vista / Windows7 / XP64 / Vista64 / Windows7 64
Sinhala and Tamil Unicode installed. If not, install from here.
Screen resolution of 1024x768 or above
Version: 1.0.1
File size: 55.82MB
Date added: August 16, 2012
Price: Free

එහෙනම් එක මෙන්න මෙතනින් නොමිලේම ගන්න පුළුවන් Click on the Image




මදුර සිංහල English ශබ්දකෝෂය



මලලසේකර සිංහල English ශබ්දකෝෂය


Lion සිංහල English ශබ්දකෝෂය 

(Click Image to Download)


සිංහල පරිගනක මෘදුකාංග අතරට එකතු වූ නවතම පෙරලිකාර වැඩසටහන වන්නේ ලයන් සිංහල ඉංග්‍රීසි පරිගනක ශබ්දකෝෂය. වචනයක් ලබා දුන්නම එහි අර්තය සොයා දෙනවනම් එයට ශබ්දකෝෂය කියල කිව්වට මම මෙම වැඩසටහන මගින් වචනයක අර්තය සොයා දීමට අමතරව බොහෝපහසුකම් ලබාදීල තියෙනවා. ඒ නිසා වෙනද වගේ program එක Open කරගෙන දගලන්න ඕනේ නැහැ. Lion Dictionary එක පලවෙනි වරට Open කලාම එය System Try එක තුල සැගවෙනවා. ඉතින් ඔයාට හදිස්සියේම වචනයක අර්තය සොයන්න ඕන වුන ගමන් මොකද කරන්න ඕනේ.. කෙලින්ම යතුරු පුවරුවේ F6  එබූ සැනින් Open වෙනවා. ක්ශනිකව වැඩසටහන සගවන්නේත් එහෙමයි. මේක කොච්චරනම් පහසුවක් වෙනවාද කියා හදපු මට වඩා ඔයාලටම තමා තේරෙන්නේ. 
අන්තර්ජාලය පරිහරන කරනකොට වෙබ් අඩවියක නොදන්න වචනයක් දැක්කොත් මේක Open කරන් දගලන්න ඕනේ නැහැ. ඒ වචනය Copy කරන්න. ඔයාගේ Desktop එකේ දකුනු පස පහලින් කුඩා කොටුවක් Open වෙලා Copy කරන ලද වචනයේ අර්තය පෙන්වා ටික වේලාවකින් සැගවී යනවා. ඒවගේම ඔයාලට එකවචනයක් නෙමේ රචනාවක් වුනත් මේකට හොයන්න දෙන්න පුලුවන්. එවිට සමස්ත අර්තය පහලට ලබා දෙනවා. මෙය එක්තරාවිදියක Translate කිරීමකට සමානයි. සමහර අයට ඉංග්‍රීසි වචනයක් කියවන්න දන්නෑ. ඒත් සොයන සෑම වචනයක්ම උච්චාරනය කරල පෙන්වන්න Lion Dictionary එකට පුලුවන්. හිතන්න ඔයාට සෑම ඉංග්‍රීසි වචනයකම අකුරු දන්නවද.. නැහැ නේ.. ටිකක් සංකීර්න දිග වචන නිවැරදිව ලබා දෙන්න බැහැ ඒවායේ අකුරු හරියට දන්නේ නැත්නම්. එත් Lion Dictionary එකේ Auto Search විකල්පය මගින් ඔයා ලබා දෙන සෑම අකුරකටම ආසන්නව යන වචන ලැයිස්තුවක් ඔයාට ලබා දෙනවා. මේක ඇත්තටම Google මගින් යමක් සොයා දෙනවාට බොහෝ දුරට සමානයි. තව දෙයක් තියෙනවා කියන්න. ඔයා සොයන වචනයට අදාල වැඩිදුර විස්තර තොරතුරු ඔයාට සමහර විට ඕනා වෙන්න පුලුවන්. උදා: ඔයා සෙවූයේ human heart යන වචනය වෙන්න පුලුවන්. ඔයාට මීට අදාල රූප සහ තොරතුරු තවදුරටත් ඕනා කරනවා නම් දැන් Lion Dictionary වැඩසටහන එම පහසුකම ඔයාට සලසා දෙනවා. සිංහල වචනයක් පවා සෙවීමේදී ලබා දෙන අකුරක් පාසා ඊට අසන්නම වචන ඔයාට සොයල දෙන නිසාත් වැඩසටහනට ආවේනික වූ සිංහල යතුරුපුවරු ක්‍රමවේදය නිසාත් සිංහල සෙවීමත් පෙරට වඩා පහසුයි. පොඩි ළමයෙක්ට උනත් ආසා හිතෙන විදියට වැඩිදියුනු කරපු අතුරුමුහුනත නිසා වැඩසටහන භාවිතා කරන්න පහසු ගතියක් ලැබෙනවා. 
මෙම වීඩියෝව මගින් ලයන් සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයේ ක්‍රියාකරිත්වය ඔයාලට දැකගන්න පුලුවන්



 දැනට මෙම වැඩසටහන Windows 7 සහ Windows 8 සදහා පමනක් සහය දක්වනවා. 

No comments :

Post a Comment