Share on Facebook Share on Twitter Email Gerald Gerald on Google Plus

Tuesday, November 26, 2013

RainMeter පිස්සු හැදෙන සිරා ඩෙස්ක්ටොප් එකක් මෙන්න ඔයාලට මගෙන්




කවුරුත් කැමතියි නේ ඉතින් තම තමන්ගේ ඩෙස්ක්ටොප් ඒක ලස්සනට තියාගන්න.


මේකත් සොෆ්ට්වෙයා එකක් නම Rainmeter මේකේ ගැජට් ගොඩක් පැක් කරලා දීල තියෙනවා ඉතින් අපිට කැමති කැමති ඒවා තෝරලා දාගන්න තමයි තියෙන්නේ.තව වැඩියෙන් ඕනනම් කිසි අවුලක් නෑ නෙට් එකෙන් බාගෙන ඕන තරම් දාගන්න පුළුවන්.

මෙන්න එහෙනම් මුලින්ම සොෆ්ට්වෙයා ඒක බාගන්න.... මෙන්න ලින්ක් ඒක ඊට පස්සේ කියල දෙන්නම් කොහොමද වැඩේ කරන්නේ කියල.

ඔය උඩින් ලොකුවට දාල තියෙන්නේ මගේ ඩෙස්ක්ටොප් ඒක.ඔයාලටත් ඔයාල කැමති කැමති ඒවා දාල ලස්සනට හදාගන්න පුළුවන්.



හරි.ඔයාල සොෆ්ට්වෙයා ඒක ඉන්ස්ටෝල් කරගත්තම මෙන්න මෙහෙම අයිකන් එකක් ඔයාලගේ ටාස්ක් බාර් ඒකට එයි.වැහි බින්දුවක අයිකන් එකක්.


ඉතින් මේක තමයි සොෆ්ට්වෙයා ඒක.මේක උඩ රයිට් ක්ලික් කරහම එයි Edit Settings කියල එකක්.ඒක තේරුවහම මෙන්න මෙහෙම Note pad එකක් එයි.

එකේ මෙන්න මේ මම රතු පාටින් දක්වල තියෙන තැන සමහර විට ඔයාලගේ වෙනස් වෙයි.ඉතින් ඒ අදාළ තැනට මම ඔය දීපු ස්කින් ටික Extract කරගන්න.


ඊට පස්සේ ආපහු අර සොෆ්ට්වෙයා ඒක උඩ රයිට් ක්ලික් කරලා Refresh All කියන ඒක දෙන්න.මෙන්න මෙතන තියෙන්නේ.


ඊට පස්සේ ආපහු මේක උඩ රයිට් ක්ලික් කරලා ඔය තියෙන skins කියන ඒක උඩට ගියහම දැන් ඔයාල දාපු ස්කින් ටික පෙන්නයි මෙන්න මේ වගේ.


දැන් ඉතින් ඕවයින් කැමති කැමති ඒවා තෝරලා ඇති වෙනකන් ඩෙස්ක්ටොප් ඒක පුරවා ගන්න එකයි ඇත්තේ .

ඔය දාපු ස්කින් එකක් උඩ රයිට් ක්ලික් කරහම තියෙනවා Edit Skin කියල එකක් ඒක උඩ ක්ලික් කරහම එයි නෝට්පෑඩ් එකක් එකේ තියෙනවා ගැජට් ඒකට අදාළ සෙටින්ග්ස්.ඔයාලට කැමති විදියට ඒවා වෙනස් කරගන්න පුළුවන්.උදාහරණයක් විදියට මේ මම දීල තියෙන්නේ මගේ වීඩියෝ සින්දු තියෙන පාත් ඒක.


ඔහොම ඕන විදියට ඕන දෙයක් වෙනස් කරලා File > Save දුන්නම හරි.හැබැයි ඉතින් විකාර කරලා සේව් කරගෙන ස්කින් ඒක අනාගන්න එපා.අදාළ ඒවා විතරක් වෙනස් කරගන්න.ටිකක් මොලේ කල්පනා කරලා.


මේ තව එකක් ඔය දාපු ස්කින් එකක් උඩ රයිට් ක්ලික් කරලා සෙටින්ග්ස් කියන ඒකට ගියහම මෙන්න මේ වගේ ටිකක් එනවා.මේකේ ඔය draggable කියන ටික ඒක අයින් කරහම ඔය දාපු ස්කින් ඒක හොල්ලන්න වත් බැරුව යනවා.එතකොට ලේසි.නැත්නම් සමහර වෙලාවට කරන පිස්සු වැඩ වලට ස්කින් ටික අරහේ මෙහෙ තියෙයි නැත්නම්.ඊට පස්සේ ඔය Click Through කියන එක තේරුවහම මේ ගැජට් ඒක උඩ ඔයාල රයිට් ක්ලික් කරොත් එන්නේ ගැජට් එකේ සෙටින්ග්ස් නෙමේ.ඔයාල සාමාන්‍ය විදියට ඩෙස්ක්ටොප් එකේ රයිට් ක්ලික් කරහම එන මෙනු ඒක.

ඉතින් ඔය විදියට තමන්ට කැමති කැමති විදියට මේ ටික හදාගන්න පුළුවන් ටිකක් වෙලා යන වැඩක්.

ඔයාලට දාපු ස්කින් එකක් වැඩක් නැත්නම් ඒක උඩ රයිට් ක්ලික් කරලා unload skin කියන ඒක තේරුවහම ක්ලෝස් වෙනවා.

ආහ් තව එකක් මේකේ සමහර ස්කින් තියෙනවා පිට පටස් ගාල ඒක ක්ලික් එකෙන් කොම්පියුටර් ඒක ෂට්ඩවුන් කරන්න පුළුවන් ස්කින් ඉතින් කියන්න ඕන නැහැනේ ඒවා උඩ ක්ලික් කරහම වෙන දේ.

ඉතින් ඔහොම ඒවා අයින් කරලා දාන්න ඕනනම් අර කලින් කියුව වගේ taskbar එකේ අයිකන් ඒක උඩ රයිට් ක්ලික් කරහම පෙන්නනවා ඔයාල දාපු ස්කින් ටික එතනින් unload skin දෙන්න පුළුවන්.

No comments :

Post a Comment